පො/සෙවනපිටිය මහා විද්‍යාලය (ජාතික පාසල)

පාසලේ ඉතිහාසය

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය නවතියි

slide1.png
slide2.png
slide3.png
slide4.png
slide5.png
slide6.png

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාර යටතේ 1986 වර්ෂයේ දී ඉදි වූ මහවැලි ගම්මාන බිහි කිරීමේ දී මහවැලි අධිකාරිය මඟින් ඉදිකරන ලද, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත 1986.02.12 වන දින ආරම්භ වන අප පාසල “සෙවනපිටිය මහා විද්‍යාලය” ලෙස නම් කර ඇත. ලැබී ඇති දත්ත අනුව මුල් ගුරුතුමා ලෙස එස්.ඩී. සයිනේරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත. එමෙන්ම එවකට සිසුන් විසිනවදෙනෙක් (29), ගුරුභවතුන් හතරදෙනෙක් (4), එක් පන්ති කාමරයක් සහ ගොඩනැගිලි තුනක් (3) ද ඇති බව සඳහන් වේ. සයිනේරිස් විදුහල්පතිතුමා 1986.02.12 වන දින සිට 1997.01.14 වන දින දක්වා ද, ඩිංගිරි බංඩා විදුහල්පතිතුමා 1997.01.15 වන දින සිට 2000.07.06 වන දින දක්වා ද, එම්.ඩබ්.ඒ. විජේසිංහ විදුහල්පතිතුමා, 2000.07.07 වන දින සිට 2001.07.01 වන දින දක්වා ද, එස්.ඩී.ඩී. මල්කුමාර විදුහල්පතිතුමා 2001.07.02 වන දින සිට 2003.05.03 වන දින දක්වා ද, ඩී.ආර්.ඒ.එල්. සුඛිත් රණසිංහ විදුහල්පතිතුමා 2003.05.03 වන දින සිට 2013.01.19 වන දින දක්වා ද, එම්.ජී. රත්නවීර විදුහල්පතිතුමා 2013.01.10 වන දින සිට 2017.08.21 දක්වා ද වන පරිදී උක්ත සඳහන් විදුහල්පතිවරුන් යටතේ මේ දක්වා ක්‍රමයෙන් අප විද්‍යාලය සංවර්ධනය වී ඇත.

අප විද්‍යාලය 1989 වර්ෂයේ දී අ.පො.ස. (සා.පෙළ) ත්, 1992 වර්ෂයේ දී  අ.පො.ස. (උ.පෙළ) ත් ආරම්භ කල, උසස් පෙළ කලා, වාණිජ, ගණිත සහ විද්‍යා විෂය ධාරාව ක්‍රියාත්මක කරවීමට සුදුසුකම් ඇති AB වර්ගයේ විද්‍යාලයකි. මේ වන විට ඩී.එම්. ධර්මරත්න විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසුන් 750 කට ආසන්න ප්‍රමාණයකින් සහ අධ්‍යන සහ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ 50 කට ආසන්නවූ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. එමෙන්ම අප විද්‍යාලයට, දිඹුලාගල කලාපය ඔස්සේ උතුරු මැද පළාතෙන් විෂය සහ විෂය බාහිර නොයෙකුත් ක්‍රියාකාරකම් වලින් දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කිරීමට හැකියාව ලැබී ඇත.